අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද (26) පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කෙරුණා.
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වී දින 5 ක් ඇතුළත න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමේ නියමයට අනුව එය සිදුවූ බවයි.
ඒ අනුව අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව අප්‍රේල් මස 04 වනදා උදෑසන 9.30 සිට රාත්‍රි 9.30 දක්වා විවාද කර ඡන්ද විමසීමක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.
