Gossips

විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද(26) දිනයේදී පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට නියමිතයි.
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වී දින 5 ක් ඇතුළත න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමේ නියමයට අනුව මෙය සිදුවන බවයි.
ඒ අනුව මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් වීමෙන් පසු එය විවාදයට ගැනීමේ කටයුතු සම්පාදනය වනු ඇති.
අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව අප්‍රේල් මස 04 වනදා උදෑසන 9යි 30 සිට රාත්‍රි 9යි 30 දක්වා විවාද කර ජන්ද විමසීමක් සිදු කිරීමට පක්ෂ නායකයන් තීරණය කර තිබෙනවා.
මේ අතර අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝ්ජනාව සම්බන්ධයෙන් තම පක්ෂයේ ස්ථාවරය ලබන මස 2 වනදා ප්‍රකාශයට පත් කරන බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළා.
එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ නායකයින් රැස්වී එදින අවසන් තීරණයක් ගන්නා බවයි.