Gossips

විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේදී කථානායකවරයාට භාරදෙයි

විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේදී කථානායකවරයාට භාරදෙයි "
JVP යෙන් අගමැතිට සහ කැබිනට් මණ්ඩලයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්
අගමැතිවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ කතානායකවරයාට විශ්වාසභංග යෝජනාවක් භාරදී තිබෙනවා.
එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සදහන් කළේ අද (14) පෙරවරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම විශ්වාසභංග යෝජනාව භාරදුන් බවයි.
එමෙන්ම, පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය සකස් කිරීම සභාවට පැවරීමට අද පෙරවරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වුණා.
කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමට සියලුම පක්ෂ නායකයින් සහභාගි වූ බවයි එහි සිටින හිරු වාර්තාකරු සදහන් කළේ.
මේ අතර, ආණ්ඩු පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් රැස්වීම් ද අද (14) උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා.