Gossips

විශ්වාසභංග ගැන ශ්‍රීලනිපය ඒකමතික තීරණයකට එළඹෙයි – කැබිනට් හමුවට පෙර තවත් විශේෂ හමුවක්

විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කර තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඊයේ (02) රාත්‍රියේදී රැස්වූ අවස්ථාවේදියි.
මීට අමතරව එක්සත් ජාතික පෙරමුණ සහ ජනාධිපතිවරයා අතර ද හමුවක් ඊයේ (02) රාත්‍රියේ සිදුවුණා.
ඊට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද සහභාගි වී සිටියා.
කෙසේ වෙතත්, කැබිනට් අමාත්‍යවරුන් වන සජිත් ප්‍රේමදාස සහ රිෂාඩ් බදියුදීන් එම සාකච්ඡාවට එක්ව සිටියේ නැහැ.
සාකච්ඡාවෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේ අමාත්‍ය මණ්ඩල හමුවට පෙර විශ්වාසභංගය පිළිබද අවසන් සාකච්ඡාවක් අද (03) උදෑසන 9ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තවත් හමුවක් පැවැත්වීමට නියමිත බවයි.
නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ සිය පක්ෂය ඊයේ රාත්‍රියේ ගත් ඒකමතික තීරණය දැනුම් දීම සඳහා අද උදෑසන අග්‍රාමාත්‍යවරයා ද මුණ ගැසීමට බලාපොරොත්තු වන බවයි.