Gossips

විශ්වාසභංගය ගැන මහින්ද යාපා කථා කරයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම මැඩපැවැත්වීම සදහා මහනුවර – තෙල්දෙණිය ප්‍රදේශයේ ඇති වූ ගැටුම්කාරි තත්ත්වය උපයෝගි කර ගත් බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ මාතර – කඹුරුපිටිය ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.