Gossips

විශ්වාසභංගය ගැන තීරණාත්මක සාකච්ඡා කිහිපයක් හෙට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් හෙට (02) පැවැත්වීමට නියමිතයි.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම හෙට පස්වරු 3ට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා.
මීට අමතරව අද (01) දිනයේදී ද එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් අතර සාකච්ඡා පැවැත්වෙන බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
එමෙන්ම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර අද (01) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව හෙට (02) දක්වා කල් දමා තිබෙනවා.
ඒ, මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයින් අද දිනයේ මෙවර පළාත් පාලන මැතිවරණය ජය ගත් මඩකලපුව දිස්ත්‍රික්කයේ සභිකයින් හමුවීමට ගොස් සිටීම හේතුවෙන්.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව එළඹෙන 04 වන දා දිනය පුරා විවාදයට ගැනීමට නියමිතයි.
ඉන් අනතුරුවයි ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව ඇත්තේ.