අග්රාමාත්යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් වුවහොත් එය පරාජය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා.
ඒ, අරලියගහ මන්දිරයේ ඊයේ පැවැති කණ්ඩායම් රැස්වීමේදියි.
අග්රාමාත්යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායම ඊයේ දිනයේදී රැස්වුණා.
එහිදී එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන කමිටු වාර්තාව අග්රාමාත්යවරයාට භාර දී තිබෙනවා.
මේ අතර, කොළඹ මහනගර සභාවේ පළමු පුරපතිනිය ලෙස රෝසි සේනානායක අග්රාමාත්ය රනිල් වික්රමසිංහ සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී. ලෝගේෂ්වරන් ඉදිරියේ ඊයේ දිවුරුම් දුන්නා.
එමෙන්ම කොළඹ මහ නගර සභාවට තේරී පත්වූ එක්සත් ජාතික පක්ෂයේ සෙසු සාමාජිකයින් ද මන්ත්රී ධුරවල දිවුරුම් දුන්නේ ඉන් අනතුරුවයි.