ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ ගැටලු මුල් කරගනිමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සහ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය මේ වන විට ඉන්දීය පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.
එහිදී අග්‍රාමාත්‍යවරයාගේ සහ ආණ්ඩුවේ ක්‍රියා කලාපය දැඩිව විවේචනය කළ කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි සභා ගර්භය මැදින් ගොස් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වැළද ගැනීම විශේෂත්වයක්.
‘‘ඔබට අවශ්‍ය නම් මට අපහාස කළ හැකියි, පප්පු කියා ඇමතිය හැකියි.
නමුත්, ඔබට විරුද්ධව මාගේ වෛරයක් නොමැත’’ යනුවෙන් එහිදී රාහුල් ගාන්ධි, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කර තිබෙනවා.
