ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවෙන් බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ, ජයග්‍රහණය කර තිබෙනවා.
විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ එරට කම්කරු පක්ෂය විසින්. බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රෙක්සිට් ගිවිසුම සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුවේ පෙරේදා පැවති ඡන්ද විමසීමේදී අගමැතිනී තෙරේසා මේ, දරුණු පරාජයකට මුහුණ දීමට සිදුවුණා.
කෙසේ වෙතත්, ඊයේ පැවති එරෙහිව පැවති විශ්වාසභංගයේදී බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ, ජයග්‍රහණය කළ අතර, ඇයට පක්ෂව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 325ක්. විරුද්ධව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 306ක් පමණයි.
