අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව හේතුවෙන් ජනාධිපතිවරයාගේ බලයට කිසිදු හානියක් සිදුනොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
එම පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මේ බව කියා සිටියා.
ඊට එක්වු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගමද විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලටද පිළිතුරු ලබාදුන්නා.
