ජාතික ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වී පක්ෂය තුළ කටයුතු කිරීමට ඉඩ ලබාදෙන ලෙස ඉල්ලමින් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවේදී ඡන්දය භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් ජනාධිපතිවරයාට ලිපියක් භාරදී තිබෙනවා.
අමාත්‍ය එස්.බී.දිසානායක කියා සිටියේ ජනාධිපතිවරයා ගන්නා ඉදිරි තීරණය අනුව තම කණ්ඩායම කටයුතු කරන බවයි.
‘‘ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට එරෙහිව ගෙනාපු විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන්න අය විදිහට ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලීමක් කළා මේ තනතුරු වලින් ඉවත් වෙලා අපිට පක්ෂයේ ඉන්න දෙන්න කියලා. අපි බොහෝම කැමැත්තෙන් ඉන්නවා මේ නිලතල දාලා පක්ෂයේ වැඩ ඉස්සරහට අරන් යන්න.
ප්රශ්නය – දැන් එතනදී ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය වුණේ මොකක්ද ?
පිළිතුර – ජනාධිපතිතුමා අපිට ස්ථිර ප්‍රතිචාරයක් දැක්වුයේ නැහැ. නමුත් ජනාධිපතිතුමාට එක්සත් ජාතික පක්ෂය පැත්තෙනුත් බලපෑමක් එනවනේ අපිත් එක්ක ඉන්න බැහැ අයින් කරන්න කියලා. ඒකෙදී අපේ අවංක අදහස ජනාධිපතිතුමාට දැනුම් දීමත් ඒ වගේම ජනාධිපතිතුමාට ඒ වගේ වෙලාවකදී තීරණයක් ගැනීමට පහසු වෙන්නත් තමයි අපි ඒක කළේ’’
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 46 කින් පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුණා.
විශ්වාසභංගයට විරුද්ධව ඡන්ද 122 ක් ලැබුණු අතර, පක්ෂව ලැබුණේ ඡන්ද 76 ක් පමණයි.
එහිදී නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, එස්.බී. දිසානායක, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, සුසිල් ප්‍රේමජයන්ත, ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩිලාන් පෙරේරා, සහ ටී.බී. ඒකනායකද යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.
එමෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, අනුරාධ ජයරත්න, සුමේධා ජී. ජයසේන, සුසන්ත පුංචිනිලමේ, තාරානාත් බස්නායක ඇතුලූ පිරිසක් ද ඊට පක්ෂව ඡන්දය භාවිත කර තිබුණා.