Gossips

විශ්වාසභංගයට එරෙහි වීමට මුස්ලිම් කොන්ග්‍රසය තීරණය කරයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය තීරණය කර තිබෙනවා.
අද (03 )රාත්‍රී පැවති සාකච්ඡාවකදීයි මුස්ලිම් කොන්ග්‍රසය මෙම තීරණයට එළඹ ඇත්තේ.
විශ්වාසභංගය සම්බන්ධයෙන් පක්ෂයේ ස්ථාවරය පිළිබද අවසන් එකඟතාවකට පැමිණීම සදහා ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය දරුසලාම්හිදීයි රැස්වුනේ.
විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වන විවාදය හෙට (04) පෙරවරු 9.30 ට ආරම්භ කෙරෙන අතර, ඒ සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම හෙට රාත්‍රි 9.30 ට පැවැත්වෙනවා.