Gossips

විශ්වාසභංගයට අත්සන් නොකළ හේතුව මහින්ද හෙළි කරයි

වත්මන් රජයට රටට සේවය කළ නොහැකි වූයේ දේශපාලන පලිගැනීම් සිදුකිරීම නිසා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
දිවුලපිටිය ප්‍රදේශයේ ඊයේ (29) පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාවට අත්සන් නොතැබීම පිළිබඳවද එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අදහස් පළ කළා.
එහිදී ඔහු කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා කෙරෙහි විශ්වාසය තබා සිටි පිරිස් පවා ඔහු ප්‍රතික්ෂේප කරමින් මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීම විශේෂත්වයක් බවයි.