නැගෙනහිර විශ්වවිද්‍යාල ස්වාමි විපුලානන්දා සෞන්දර්ය පීඨයේ සිසුවියක් ගෙලවැලලාගෙන සිටියදී ඊයේ (13) රාත්‍රියේ සොයාගෙන ඇති බව කාත්තාන්කුඩ් පොලිසිය පවසනවා.
කල්ලඩි විශ්වවිද්‍යාලයේ පිටුපස නවාතැන් ගෙන සිටි නිවසේ දී ඇයගේ සිරුර සොයාගැන ඇති බවයි වාර්තාවන්නේ.
මෙලෙසගෙලවැලලාගෙන තිබෙන්නේ වෙල්ලාවෙලි කාක්කාච්චිවේට්ටෛහී එස් බානුජා නමැති වයස අවුරුදු 22 ක මාධ්‍ය අංශයේ ඉගෙනුම ලබන දෙවෙනි වසරේ සිසුවියක්.
මෙම සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මඩකලපුව ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර කාත්තාන්කුඩි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.