සරසවිවලට සිසුන් ඇතුළත් කරගැනීමේ කඩඉම් ලකුණු මේ මාසය අවසන් වීමට පෙර නිකුත් කිරීමට සැළසුම් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසනවා.
එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ 2017 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව මෙම කඩඉම් ලකුණු නිකුත් කෙරෙන බවයි.
ඒ අනුව මෙවර සිසුන් 25,000 කට අධික පිරිසක් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගැනීමට නියමිත අතර, ඒ සඳහා අයදුම්පත් 50,000 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇතැයිද එම ප්‍රකාශකයා සඳහන් කළා.