Gossips

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් සහ විෂයභාර ඇමති අතර හමුවක්

වර්ජනයේ නිරත විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය සහ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් අතර විශේෂ සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙනවා.
ඒ, කොළඹ පිහිටි එම අමාත්‍යාංශයේදියි.
වැටුප් සහ දීමනා ඉහළ දැමීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය ආරම්භ කළ වර්ජනයට අදට දින 34 ක්.
අද (02) පැවැත්වෙන සාකච්ඡාවේදී තම ගැටළුවලට විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි සාකච්ඡාවට පෙර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ කියා සිටියේ.
දුම්රිය දෙපාර්තමේන්තුවට වෙනම පාලක මණ්ඩලයක් පත් කිරීමේ යෝජනාව ඉවත් කර නොගතහොත් අප්‍රේල් 14 වනදායින් පසු වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ කියා සිටියේ කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.