Gossips

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය තවදුරටත්

වැටුප් ගැටළු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආරම්භ කළ වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව පවසනවා.
එහි සම සභාපති එඞ්වඩ් මල්වත්තගේ කියා සිටියේ අනධ්‍යයන සේවකයින්ගේ වැඩ වර්ජනයට අදට දින 25ක් ගත වුවත් බළධාරීන්ගෙන් තවමත් විසදුමක් ලැබී නොමැති බවයි.