Gossips

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වැඩ වර්ජනයට හෙට දිනයේ විසඳුමක්

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වැඩ වර්ජනයට සාධනීය විසඳුමක් හෙට (20) දිනයේදී ලබාදීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා.
ඊට අදාළ සාකච්ඡාවක් ඊයේ (18) දිනයේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමඟ පැවැත්වූ බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ.
දැනට අනධ්‍යයන සේවකයින්ගේ වැඩ වර්ජනය හේතුවෙන් සියලූම විශ්වවිද්‍යාලවල විභාග කටයුතු ඇතුළු සේවා අඩාල වී තිබෙනවා.
කෙසේ වෙතත්, විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුවේ සම ලේකම් ධම්මික එස්. ප්‍රියන්ත හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ බලධාරීන් සමඟ අද (19) දිනයේ පැවැති සාකච්ඡාව ද අසාර්ථක වූ බවයි.