Gossips

විශ්වවිද්‍යාල අනධ්‍යයන වර්ජනය තවදුරටත්

විසඳුම් ප්‍රමාදවන්නේ නම් සිය ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි කරන බව විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා.
එහි සම සභාපති එඞ්වඩ් මල්වත්තගේ ප්‍රකාශ කළේ සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය 12 වන දිනටත් අද ක්‍රියාත්මක වුවද මේ දක්වා නිසි විසඳුමක් ලබාදීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවයි.
වැටුප් ගැටළුව ඇතුලූ ඉල්ලීම් 5 ක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් මේ වනවිට වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී සිටිනවා.
මේ අතර මෙම වර්ජනය හේතුවෙන් සියලූම විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු සහ විභාග කල් දැමීමට ද බලධාරීන් මේ වනවිට පියවර ගෙන තිබෙනවා.