Politics Sri Lanka

විශ්වවිද්‍යාල අකර්මණ්‍යයයි – බලධාරීන් කල් මරයි

විශ්වවිද්‍යාල අකර්මණ්‍යයයි – බලධාරීන් කල් මරයි

“සියලු දේශනල විභාග මෙන්ම පුස්තකාල සේවාවන් පමණක් නොව පර්යෙෂණ කටයුතු ද මේ වනවිට ඇන හිට ඇතත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හෝ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මෙම ගැටලුවට මෙතෙක් විසඳුම් ඉදිරිපත් කිරීමට කටයුතු නොකිරීම කණගාටුදායක බව සඳහන් කරමින් රාජ්‍ය විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මධ්‍යස්ථානය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම මධ්‍යස්ථානයේ සභාපති විජයතිලක ජයසිංහ මහතා සහ ලේකම් බුද්ධික දිසානායක යන මහත්වරුන්ගේ අත්සනින් නිකුත් කර ඇති එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පල වේ…

“වැටුප් හා විවිධ දීමනාවල ඇති විෂමතාවන් හේතුවෙන් අගතියට පත් සේවක පාර්ශව විසින් ඒවා නිවැරදි කරන ලෙස බලධාරීන්ට බල කරමින් පසුගිය 28 වන දින සිට විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය මේ වනවිට අකර්මණ්‍යව පවතී. සියලු දේශනල විභාග මෙන්ම පුස්තකාල සේවාවන් පමණක් නොව පර්යෙෂණ කටයුතු ද මේ වනවිට ඇන හිට ඇතත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හෝ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මෙම ගැටලුවට මෙතෙක් විසඳුම් ඉදිරිපත් කිරීමට කටයුතු නොකිරීම කණගාටුදායකය.

තත්වය මෙසේ තිබිය දී උද්ගතව ඇති ගැටලු නිරාකරණය කර විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ගොඩනැගීමට මැදිහත් වන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට බල කිරීමට මෙම වෘත්තීය අරගලයට ඍජුව සම්බන්ධ නොවනල එහෙත් ඊට සහය දක්වන අනිකුත් වෘත්තීය සමිති සහ සංවිධාන මේ වන විට ඉදිරිපත් ව තිබීමෙන් මෙම අරගලය ජයග්‍රහණය සදහා වූ ක්‍රියාමාර්ග උත්සන්න කිරීමට ඉඩ ඇති බැවින්ල මෙම අරගලයේ බලපෑමට ලක් නොවූ අනෙකුත් ක්ෂේත්‍ර කරා පැතිරීමට ඇති ඉඩ ඇහිරීම සදහා ගැටලුව නිරාකරණය කිරීමට කඩිනමින් මැදිහත් වන ලෙස මෙම වෘත්තීය සමිති මධ්‍යස්ථානය වගකිවයුත්තන් හට බලකර සිටින අතර එසේ නොවන්නේ නම් විශ්වවිද්‍යාලයේ කාර්මික සාමයට එමගින් මහත් බාධාවක් ඇති විය හැකි බව දැනුම් දී සිටී.

එබැවින් මෙම ගැටලුව කෙරෙහි වගකිවයුතු පාර්ශව වල සැලකිල්ල යොමු වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.”