Gossips

විශ්වයේ අණු නිර්මාණයවීමක් ප්‍රථම වරට නිරීක්ෂණය කෙරේ

නාසා ආයතනයේ පාවෙන දුරේක්ෂය – සොෆියා මගින් විශ්වයේ අණු නිර්මාණය වීමක් ප්‍රථම වරට නිරීක්ෂණය කර තිබෙනවා.
පෘථිවියට ආලෝක වර්ෂ 3000ක් පමණ ඈතින් ක්ෂීර පථයේ සිග්නස් තාරකා මඩුල්ලේ නෙබියුලාවක මෙලෙස හීලියම් හයිඩ‍්‍රයිඩ් අණු නිර්මාණය වන ආකාරයයි එමගින් නිරීක්ෂණය කර ඇත්තේ.
විද්‍යාඥයන් විශ්වාස කරන පරිදි මීට වසර ලක්ෂයකට පමණ පෙර බිග් බෑන්ග් හෙවත් මහා පිපුරුම මගින් සූර්යග්‍රහ මණ්ඩලය නිර්මාණය වීමේදී ද මෙවැනි හීලියම් හයිඩ‍්‍රයිඩ් අණු ප්‍රථම වරට නිර්මාණය වී තිබෙනවා.
ඒ අනුව නව සොයා ගැනීම විශ්වයේ ග්‍රහලෝක නිර්මාණය පිළිබද අධ්‍යයනයන් යාවත් කාලීන කිරීමට ඉවහල් වනු ඇති.