Gossips

විශ්මිතම ටෙන්ඩර් ගනුදෙනුව ගැන බන්දුලගෙන් හෙළිදරව්වක්

කෙරවලපිටිය ද්‍රව වායු බලාගාරය සඳහා ටෙන්ඩර් කැදවීමේදී විදුලිබල මණ්ඩල පනත උල්ලංඝණය කර ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියා.
ඒ අනුව විදුලිබල පනතේ 43 වන වගන්තිය උල්ලංඝණය කරමින් ටෙන්ඩර් කැදවීමකින් තොරව මෙම බලාගාරය ඉදිකරන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.
ඒ අනුව මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ විශ්මිතව ටෙන්ඩර් ගනුදෙනුව බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළා.