ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අතර සාකච්ජාවක් අද පැවැත්වෙනවා.
පස්වරු 4ට බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී මෙම සාකච්ජාව පැවැත්වෙන බවයි එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
16 දෙනාගේ කණ්ඩායම සහ පොදුජන පෙරමුණේ නියෝජිතයන් අතර නිල වශයෙන් මෙවැනි සාකච්ජාවක් පැවැත්වෙන්නේ පළමු වතාවටයි.
සාකච්ජාව සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද සහභාගි වීමට නියමිතව තිබෙනවා.
පසුගිය දින කිහිපයේ 16 දෙනාගේ කණ්ඩායම, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විවේචනය කිරීමේ සිද්ධින් වාර්තා වුණා.
එවැනි පසුබිමකයි නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් මුණ ගැසෙන්නේ.
