Gossips

විවේචන නොතකා පක්ෂය ගොඩනැගිය යුතු බව නිදහස් පක්ෂ මහ ලේකම් කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
එහිදී අක්මීමන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක, දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍ය යූ.ඩී.ජී. ආරියතිලක, නිදහස් පක්ෂ බේරුවල ප්‍රධාන සංවිධායක එම්.එම්.එම්. අම්ජාඩ් , මීරිගම ආසන සංවිධායක සංජය සිරිවර්ධන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැස්බෑව ආසන සංවිධායක නීතීඥ රජික කොඩිතුවක්කුද අදහස් පළ කළ අතර, මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන්නා.
එහිදී ඔවුන් කියා සිටියේ නව පක්ෂ මහ ලේකම්වරයා පිළිගන්නා බවත් පක්ෂය ගොඩනැගීම සම්බන්ධයෙන් ඔවුන් සමඟ සාකච්ඡා කිරිමට සූදානම් බවයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පක්ෂ කාර්යාලය අසළදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ විවේචන නොතකා පක්ෂය ගොඩනැගීමට කටයුතු කළ යුතු බවයි.