Gossips

විවාහ පොරොන්දු දී 15 හැවිරිදි දැරියක් කෙළෙසූ අයෙක් පොලිස් දැලේ

වයස අවුරුදු 15ක දැරියක් මාස තුනක පමණ කාලයක සිට අපයෝජනයට ලක්‌ කළ සැකකරුවෙක් හෙට්‌ටිපොළ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 33 හැවිරිදි දෙදරු පියෙක්‌ බවයි වාර්තා වන්නේ.
අදාල සැකකරු විසින් 15 හැවිරිදි දැරිය විවාහකර ගන්නා බවට රවටා ඇයව මෙලෙස අපයෝජනය කර තිබෙනවා.
අපයෝජනයට ලක්වූ දැරිය මවුපියන් නොමැතිව හෙට්‌ටිපොළ, දහනැක්‌ගෙදර ප්‍රදේශයේ හිතවත් පවුලක්‌ සමඟ ජීවත්ව තිබෙනවා.
දැරියගේ නිවසට යාබද නිවසේ පදිංචිව සිටි අදාල සැකකරු දැරිය රැඳී සිටි නිවසේ හිමිකරුවන් නොමැති අවස්‌ථාවලදී සහ රාත්‍රී කාලයේ ඇය සිටින කාමරයට ගොස්‌ අවස්ථා කිහිපයකදී මෙම අපරාධය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය දිනෙක සැකකරු රාත්‍රි කාලයේ දැරියගේ නිවස පිටුපස සිට යනබව දුටු අයෙක් ඒ සම්බන්ධයෙන් නිවැසියන් දැනුවත් කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී තිබෙනවා.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකිරීමෙන් අනතුරුව පරිවාස භාරයට පත්කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු හෙට්‌ටිපොළ මහේස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ බවයි වාර්තා වන්නේ.