Gossips

විවාහ උත්සවය අවමඟුලක් කරමින් වෛද්‍යවරයා හිසට වෙඩි තබාගනී

විවාහ උත්සවයක් අතරතුරදී ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් වෛද්‍යවරයෙකු මියගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ තුර්කියෙන්.
එරට විවාහ උත්සවයක් සැමරීම සඳහා වෙඩිමුර පැවැත්වීමට ගිනි අවියක් ගෙනවිත් තිබෙනවා.
කෙසේ වෙතත් අදාළ අවස්ථාවේ එම ගිනි අවිය ක්‍රියාත්මක නොවුණු බවයි සිද්ධිය ඇසින් දුටුවන් ප්‍රකාශ කරන්නේ.
පසුව අදාළ වෛද්‍යවරයා එම ගිනි අවිය රැගෙන එය ක්‍රියාත්මක නොවීම පිළිබඳව සෝදිසි කර තිබෙනවා.
එම අවස්ථාවේ ඔහු එය තම හිසට එල්ලකරගෙන සිටි බවත් එක්වරම එය ක්‍රියාත්මක වී ඔහු ඇදවැටුණු බවත් ඇසින් දුටුවන් ප්‍රකාශ කර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ Hasan Akdemir නමැති 39 හැවිරිදි වෘත්තියෙන් වෛද්‍යවරයෙක්.