Gossips

විලියම් කුමරු යුදෙව් දේශයට පැමිණේ

බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරු සිය මැදපෙරදිග දෙවන දිනයේදී ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට පැමිණියා.
ඒ, වසර 70කින් ඊශ්‍රාලයේ සහ පලස්තීන ප්‍රදේශවල සංචාරය කරන ප්‍රථම බ්‍රිතාන්‍යය රාජකීයයා ලෙසින්.
මැදපෙරදිග සංචාරයේ පළමු දිනය විලියම් කුමරු සහ කේට් කුමරිය ගත කළේ ජෝර්දානයේ දියි.
එහිදී ඔවුන් පළමු සියවසේ ඉදිකළ ජෙරාෂ් නැමැති ඉපැරණි නගරයේ සංචාරයක නිරත වුණා.
කේට් කුමරිය සිය කුඩා අවධියේ එනම්, 1980 දශකයේ ජෝර්දානයේ ජීවත් වී තිබෙනවා.
විලියම් සහ කේට් ජෙරාෂ් නගරයට පැමිණීමට පෙර ජෝර්දානයේ කිරුළ හිමි අල් හුසේන් බින් අබ්දුල්ලා කුමරු සමඟ එක්ව එංගලන්තය පාපන්දු ලෝක කුසලානයේ තරඟ වදින ආකාරය නරඹා තිබෙනවා.