Gossips

විලියම් කුමරු මැදපෙරදිග චාරිකාවක් අරඹයි

වසර 70 කට පසු ඊශ්‍රායලයේ සහ පලස්තීන ප්‍රදේශවල සංචාරය කරන ප්‍රථම බ්‍රිතාන්‍ය රාජකීයයා ලෙස විලියම් කුමරු අද මැදපෙරදිග සංචාරයක් ආරම්භ කරනවා.
වර්තමාන ජෝර්දානය, ඊශ්‍රායලය සහ පලස්තීන ප්‍රදේශ පළමුවන ලෝක යුද්ධයෙන් පසු 1948 වනතුරු බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවතුණා.
මේ හේතුවෙන් විලියම් කුමරු මැදපෙරදිග සංචාරයේදි සිදුකරනු ඇත්තේ බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යාංශය මගින් පරීක්ෂාකාරීව සකස් කරන ලද ප්‍රකාශයන් බව විදෙස් වාර්තා සඳහන් කළා.