කොක්කඩිචෝලේ – විල්ලූකුලම් වැවේදී කිඹුලෙකු ඩැහැගෙන ගිය කාන්තාවක ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ කොක්කඩිචෝලේ – කඩුකාමුනේ ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි තැනැත්තියක්.
ඇය එම වැවේ දිය නාමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළා.
