මන්නාරම ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත මහා නගර සැලැස්මක් සඳහා විල්පත්තු අභය භූමිය ආශ්රිත පරිවාර වනාන්තර විනාශය සිදුකරන බව පරිසරවේදීන් චෝදනා කරනවා.
විල්පත්තුවේ සිදුකරන වන විනාශය පිළිබඳව මේ දිනවල යළිත් සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්ව ඇති අතර, හිරු ප්රවෘත්ති අංශය 2014 වසරේ සිට මේ දක්වා කාලය තුළ විල්පත්තුවේ සිදුවන වන විනාශයන් පිළිබඳව කරුණු අනාවරණ කළා.
විල්පත්තුවේ මෙන්ම මඩු රක්ෂිතයේ සිදුවන නීතිවිරෝධී නැවත පදිංචි කිරීම් සහ සිදුවන වන විනාශයන් පිළිබඳව හිරු සී.අයි.ඒ හරහා අනාවරණ කළේ දර්ශන සාක්ෂි ද සහිතවයි.
එලෙස අප හෙළි කළ හෙළිදරව් කිරීමත් සමඟ විල්පත්තුවේ සිදුවන වන විනාශය පිළිබඳව රටේම ජනතාව අවදි වූ අතර ඔවුන් අවස්ථා රැසකදී විරෝධතා මෙන්ම, විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ සිදුවන වන සංහාරයට විරෝධය පළ කළා.
පසුව ඒ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ද අවධානය යොමුවූ අතර එහිදී ජනාධිපතිවරයා වහාම මෙම වන විනාශයන් නතර කිරීමට පියවර ගන්නා ලෙසට නියෝගයක් ද නිකුත් කළා.
කෙසේ වෙතත්, පසුගිය දින කිහිපයේ සිට යළිත් සමාජ මාධ්‍ය ඔස්සේ විල්පත්තු වන විනාශය පිළිබඳව විශාල සංවාදයක් පවතින අතර, පරිසරවේදීන් ද ඒ පිළිබඳව අදහස් පළ කරනවා.