විල්ගමුව – පේරකනත්ත ප්‍රදේශයේ කාන්තාවක් නිවස පිටුපස ඇති ඇලෙහි දිය නාමින් සිටියදී සැඩ පහරට ගසාගෙන ගොස් ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.
ප්‍රදේශවාසීන් විසින් අදාළ කාන්තාව බේරා ගෙන හෙට්ටිපොල රෝහලට ඇතුළත් කළ ද ඒ වනවිටත් ඇය මියගොස් සිටි බව සදහන්.
ඊයේ සන්ධ්‍යාවේ මෙම අනතුරට මුහුණදී ඇත්තේ පේරකනත්ත ප්‍රදේශයේම පදිංචි 72 හැවිරිද කාන්තාවක්.
මේ අතර, ත්‍රිකුණාමලය – නිලාවැලි මුහුදේ දියනාමින් සිටි පුද්ගලයින් තුන්දෙනෙකු ඊයේ පස්වරුවේ දියවැලකට හසුව ගසාගෙන යමින් සිටියදී බේරාගෙන තිබෙනවා.
එම ස්ථානයේ සේවයේ නිරතව සිටි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරින් විසින් මෙලෙස බේරාගෙන ඇත්තේ කුරුණෑගල, ගලේවෙල සහ රජවැල්ල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20 ත් 23 ත් අතර තරුණයන් තුන්දෙනෙක්.
