Politics Sri Lanka

විලවුන් වර්ග නියාමනය ජාතික ඖෂධ නියාමන අධිකාරියට

විලවුන් වර්ග නියාමනය ජාතික ඖෂධ නියාමන අධිකාරියට මෙරට තුළ නිෂ්පාදනය කරනු ලබන හා ආනයනය කරනු ලබන සියලු විලවුන් වර්ග නියාමනය කිරීම ජාතික ඖෂධ නියාමන අධිකාරියට පවරා තිබේ. ඒ අනුව අද සිට මෙරට නිෂ්පාදන හා විදේශ රටවල් වලින් ආනයනය කරනු ලබන විලවුන් වර්ග ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය බව එහි අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය කමල් ජයසිංහ මහතා සඳහන් කළේය.විලවුන් නියාමනයට වෙන් වූ ආයතනයක් මෙතෙක් නොතිබූ බැවින් කැබිනට් මණ්ඩල තීරණයක් ලෙස එය ජාතික නියාමන අධිකාරිය වෙත පවරා තිබේ.නිසි අවසරයකින් තොරව විලවුන් ආනයනය, නිෂ්පාදනය සහ බෙදාහැරීම නොකළ යුතු බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.එහි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතා සදහන් කරන්නේ මෙරට නිෂ්පාදනය කරනු ලබන හා ආනයනය කරනු ලබන සියලුම විලවුන් වර්ග පසුගිය වසරේ ඔක්තෝම්බර් 10 වනදා සිට නියාමනය කර ඇති බවයි.