Gossips

විලත්තිකුලම් රක්ෂිතය හෙළිකළ බවට බදියුර්දීන්ට එරෙහි පෙත්සමට අධිකරණය අද දුන් නියෝගය

විල්පත්තුව අසල විලත්තිකුලම් රක්ෂිතය නීති විරෝධීව හෙළිකළ බවට අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන්ට එරෙහිව ගොනුකළ පෙත්සම ජුනි මස 28 වනදා විභාගයට ගැනීමට නියෝග කර තිබෙනවා.
මේ අතර විල්පත්තු වන විනාශය පිළිබදව මේ දිනවල යළිත් සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහක් ඇතිව තිබෙනවා.
එම කතාබහ හරහා විල්පත්තු අභය භූමියේ සිදුකෙරෙන දැවැන්ත වන විනාශය හා ඊට වගකිවයුතු පුද්ගලයන්ට දඩුවම් දීම ප්‍රමාදවීම පිළිබදව නැවත හඩ නැගීමක් සිදුවුවද හිරු ප්‍රවෘත්ති 2014 වසරේ සිටම මෙම අති දැවැන්ත වන සංහාරය පිළිබදව කරුණු වාර්තා කළා.