Gossips

විරෝධය නිසා රැකුනු වැලිගම තැපැල් පෙට්ටිය (ඡායාරූප)

මාතර, වැලිගම මහ වීදිය ප්‍රදේශයේ ස්ථාපිත කර තිබූ වසර 125 කට වඩා පැරණි තැපැල් පෙට්ටියක් ඉවත් කිරීමට යාමේදී ප්‍රදේශයේ ජනතාවගේ විරෝධය එල්ල වී තිබෙනවා.
වැලිගම තැපැල් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත මෙම තැපැල් පෙට්ටිය ඉවත් කිරීමට කටයුතු සූදානම් කර තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.
කෙසේ වෙතත් ජනතාවගේ විරෝධය මත තැපැල් පෙට්ටිය තිබූ ආකාරයටම යළි ස්ථාපිත කර පිටව යාමට එය ඉවත් කිරීමට පැමිණි සේවකයන්ට සිදුවුණා.

ඡායාරූප – වැලිගම, තරංග ගුණරත්න