Gossips

විරෝධතා මැඩ පැවැත්වීමට පොලිස් නිලධාරිණියන් යෙදවීමේ හේතුව හෙළිවෙයි

උද්ඝෝෂණ සහ විරෝධතා මැඩ පැවැත්වීම සඳහා පොලිසිය විවිධ ක්‍රියාමාර්ග ගන්නා ආකාරය පසුගිය කාලයේ දක්නට ලැබුණා.
HNDE සිසුන් පිරිසකගේ උද්ඝෝෂණයක් මැඩපැවැත්වීමට පසුගියදා පොලිස් නිලධාරිණියන් පිරිසක් පෙරට යොදා තිබීම සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.
තම අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් සංවිධානය වූ මිනිසුන් බොහෝ විට සිදු කරන්නේ පොදු ස්ථාන, මහාමාර්ග හෝ ආයතන ඉදිරිපිටට ඒකරාශී වී උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයන් වෙත අවතීර්ණවීමයි.
කුමන් ස්ථානයක, කවර ආකාරයේ උද්ඝෝෂණ ක්‍රියාමාර්ග හෝ විරෝධතා පැවතුනද එයට පළමුව මුහුණ දෙන පිරිස වන්නේ පොලිසියයි.
එවිට පොදු දේපොළ ආරක්ෂා කිරීම සහ මහජනතාවට ඇතිවන පීඩනය නැතිකිරීම වැනි කාරණාත් හුවා දක්වමින් උද්ඝෝෂණ ක්‍රියාමාර්ග විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට බොහෝ විට පෙළඹෙනවා.
ශිෂ්‍ය ව්‍යාපාර හෝ වෘත්තිය අරගල සඳහා පුරුෂ පාර්ශ්වය ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන අතර ඒ නිසාම අරගලකරුවන් සහ පොලිසිය අතර හමුව බොහෝ විට දැඩි උණුසුම්වනවා.
එහෙත් පසුගිය26 වන දින කොළඹ, ලෝටස් වටරවුමේ පැවති අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා සිසුන්ගේ විරෝධතාවය මර්දනය කිරීම සඳහා පොලිසිය අපුරු උපක්‍රමයක් භාවිත කර තිබුණා.
ඒ, විරෝධතාකරුවන් එන පෙරමඟ පොලිස් කාන්තාවන් පිරිසක් පවුරක් මෙන් රඳවා තැබීමයි.
මේ නිසා පෙර මෙන් උද්ඝෝෂණයක දක්නට ලැබෙන උණුසුම්කාරී බව එම අවස්ථාවේදී දක්නට ලැබුණේ නැහැ.
මෙම සිදුවීම සමාජ මාධ්‍ය තුළද දැඩි විවේචනයට හා හාස්‍යයට ලක්කර තිබුණා.
උද්ඝෝෂණ අවස්ථාවකට පොලිස් කාන්තාවන් යෙදවීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව පළ කළේ මෙවන් අදහස්