Gossips

විරෝධතා පා ගමනක් හේතුවෙන් ගාලූ මුවදොර අවට රථවාහන තදබදයක්

දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරය ඇතුලූ සංවිධාන කිහිපයක් එක්ව සංවිධාන කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් කොල්ලූපිටියේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා වන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතිනවා.
දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා ගාලූ මුවදොර පිටිය ආසන්නයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා විරෝධතාකරුවන් පා ගමනින් පැමිණියා.
මේ වනවිට විරෝධතාවට එක්ව සිටින නියෝජිතයින් කිහිප දෙනෙකු ජනාධිපති ලේකම් කාර්යාලයේ ලේකම්වරයෙකු මුණගැසීම සඳහා ගොස් තිබෙනවා.