Gossips

විරෝධතාව හමුවට ආ චූදිතයා

ශ්‍රී ලංකා රේගුවේ දූෂණ වංචා සිදුවන බවට චෝදනා කරමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය ඇතුළු තවත් සංවිධාන කිහිපයක් අද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරියට පෙත්සමක් භාර දීමට පැමිණියා.
අදාළ පිරිස රේගු කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වු අතර එහිදී නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත් ද සිල්වා මහතා සහ අදාළ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක්ද ඇති වුණා.
විරෝධතාකරුවන් අද දහවල් රේගු කාර්යාලය ඉදිරිපිටට පැමිණ පැය එකහමාරකට අධික කාලයක් විරෝධය පළ කළේ රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ සුදත් ද සිල්වා මහතාට සහ තවත් පිරිසකට විරෝධය පළ කරමින්.
විරෝධය අතරතුර සුදත් ද සිල්වා මහතා එම ස්ථානයට පැමිණීමත් සමග ඇතිවූයේ මෙවන් තත්ත්වයක්.