Gossips

විරෝධතාවයේ නිරත වූ අග්නිදිග සරසවි සිසුන්ට ජල ප්‍රහාරයක්

අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට සිදුකළ විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය අද පස්වරුවේ ජල ප්‍රහාරයක් එල්ල කළා.
එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ ඒ හේතුවෙන් වෝඩ් පෙදෙසද වසා දමා ඇති බවයි.
මේ නිසා කොළඹ පුරහල අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් ද හටගෙන තිබෙනවා.
අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ පන්ති තහනම සහ තවත් සිසුන් පිරිසකගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට විරෝධය පළ කරමිනුයි මෙලෙස මොවුන් විරෝධතාවයේ නිරත වූයේ.