Gossips

විරෝධතාවයේ නිරත පුද්ගලයන්ට බ්‍රිගේඩියර් දුන් පිළිතුර

පසුගිය 4 වනදා නිදහස් දිනය දා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ හිතවාදීන්ගේ උද්ඝෝෂණය අතරතුර බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතා සිදුකල හැසිරීම සම්බන්ධයෙන් මේ වනවිට සියල්ලන්ගේ අවධානය යොමුව තිබෙනවා.
මේ අතර ඊයේ විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බවයි.
ඔහු බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබද අමාත්‍ය උපදේශක ලෙස සේවයේ නිරතව සිටියා.
ශ්‍රි ලංකාවේ 70 වෙනි නිදහස් සැමරුමට එරෙහිව ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටට පැමිණි එල්.ටී.ටී.ඊ හිතවාදීන්
මෙලෙස උද්ඝෝෂණයක නිරත වුණා.
එම අවස්ථාවේදී අදාල කාර්යාලයේ සිටි ශ්‍රී ලංකා නියෝජිතයින් පිටතට පැමිණියා.
එහිදී බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතා උද්ඝෝෂකයින් ඉදිරිපිටදී මෙවන් අභිනයක් ඉදිරිපත් කරන ආකාරය සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වී තිබුණා.
විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ අදාල වීඩියෝව සම්බන්ධයෙන් තම අමාත්‍යාංශය දැඩි අවධානයක් යොමු කල බවයි.
ඒ අනුව අදාල නිලධාරීයාගේ සේවය අත්හිටුවන ලෙසට විදේශ අමාත්‍යාංශය මහාබ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාට දැනුම්දී තිබෙනවා.
විදේශ අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ අදාල නිලධාරියාගේ හැසිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුධ හමුදාව මූලික පරීක්ෂණ ආරම්භ කරනු ඇති බවයි.
අදාළ විරෝධතාවයෙන් අනතුරුව විරෝධතාවයේ නිරත පුද්ගලයන් නැගූ ගැටළු කිහිපයකට බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු පිළිතුරු ලබාදුන් අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය වෙත නිකුත්වී තිබෙනවා.
එම වීඩියෝව පහතින්.
rnrn
අදාල සිදුවීම පහතින්.