Politics Sri Lanka

විරෝධතාවයේ නියුතු රාජාංගනය ගොවි සංවිධානයේ සභාපති අත් අඩංගුවට

විරෝධතාවයේ නියුතු රාජාංගනය ගොවි සංවිධානයේ සභාපති අත් අඩංගුවට

රාජාංගනය වැවෙන් ජලය ලබාගෙන පානීය ජල ව්‍යාපෘතියක් සිදු කිරීමට ඇති සූදානමට විරෝධය දක්වමින් රාජාංගනය ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් ඊයේ (28) සිදු කළ විරෝධතාවය සංවිධානය කිරිමේ චෝදනාවට එම ගොවි සංවිධානයේ සභාපති ඩබ්.ඒ.නිහාල් වන්නිආරච්චි මහතා අද (01) තඹුත්තේගම පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම උද්ඝෝෂණය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 57 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටිති.

අත් අඩංගුවට ගනු ලැබු රාජංගනය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති නිහාල් වන්නිආරච්චි මහතා අද (01) ධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.