ධීවර විරෝධතාවක් හේතුවෙන් හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගය තෝප්පුව මංසන්ධියෙන් අවහිර වී තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ ඔවුන් ප්‍රධාන මාර්ගයට පැමිණ අද දහවල් කාලයේ සිට මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි.
ඉහළ ගිය ඉන්ධන මිල පහළ දැමීම සහ අයිස් මිල පහත හෙලීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමිනුයි ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ.
