Gossips

විරෝධතාවයක් හේතුවෙන් ගාලුමුවදොරට පිවිසෙන මාර්ගය වැසේ

දුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ ආරම්භ කර ඇති විරෝධතා පාගමනක් හේතුවෙන් ගාලූමුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා තිබෙනවා.
ආදේශක, අනියම් හා තාවකාලික සේවකයින් ස්ථිර කරන ලෙස ඉල්ලා තමන් ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් සංදේශයක් භාරදීමට නියමිත බවයි විරෝධතා පාගමනේ නිරත එම සංගමයේ උපදේශක සම්පත් රාජිත කියා සිටියේ.