Gossips

විරෝධතාවයක් නිසා කොළඹ කොටුවේ මාර්ග කිහිපයක් වැසේ

රැකියා විරහිත උපාධිධාරින් පිරිසක් කොළඹ – කොටුව දුම්රියපොල ඉදිරිපිට පවත්වන විරෝධතාවක් හේතුවෙන් ලෝටස් වටරවුමෙන් ගාලූමුවදොරට පිවිසෙන මාර්ගය සහ ලෝක වෙළද මධ්‍යස්ථානය ඉදිරිපිටින් දිවෙන බැංකු මාවත වසා දමා තිබෙනවා.
මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලීසිය රියදුරන්ට දැනුම් දෙන්නේ.
උපාධිධාරි ජාතික මධ්‍යස්ථානය විසින් මෙය සංවිධාන කර ඇති අතර උපාධිධාරින් සදහා රජයේ රැකියා කප්පාදු කිරීමකින් තොරව ලබාදෙන ලෙසයි එහි කැදවුම්කරු චන්දන සූරියආරච්චි විරෝධතාවය අතරතුර අදහස් දක්වමින් කියා සිටියේ