එළඹෙන 5 වන දා ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ දී පවත්වන විරෝධතා රැළියට අවශ්‍ය නම් බස් රථ ලබාදිය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, අමාත්‍ය කබීර් හෂීම් පවසනවා.
කුරුණෑගල – මාවතගම ප්‍රදේශයේ ඊයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
