හලාවත – මාදම්පේ – මැදගම මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් ඉස්සම්මැඩිල්ල ප්‍රදේශයේ සිදුකළ විරෝධතාවක් හේතුවෙන් පැය දෙකකට අධික කාලයක් අද එහි ගමනාගමන කටයුතු අඩාල වුණා.
විරෝධතාකරුවන් විසුරුවා හැරීමට මාදම්පේ පොලීසියේ නිලධාරින් උත්සාහ කළ ද එය ව්‍යර්ථ වුණේ බලධාරියෙකු පැමිණ පොරොන්දුවක් ලබාදෙනතුරු අඛන්ඩව විරෝධතාවයේ නිරත වන බවට විරෝධතාකරුවන් ප්‍රකාශ කිරීම හේතුවෙන්.
පසුව මාදම්පේ ප්‍රාදේශීය ලේකම්වරයා සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකු එහි පැමිණි අතර, මාර්ගය කඩිනමින් පිිළිසකර කර දෙන බවට ප්‍රකාශ කිරීමෙන් පසු විරෝධතාකරුවන් විසිර ගියා.
