Gossips

විරෝධතාවක් හේතුවෙන් රත්නපුර – ඇඹිලිපිටිය මාර්ගය අවහිර වෙයි

රත්නපුර – ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් පල්ලෙබැද්ද නගරයේ මේ වන විට විරෝධතාවයක් පැවැත්වෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ පසුගිය සඳුදා සිදුවූ රිය අනතුරකින් මිය ගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ මෘත ශරීර නගර මධ්‍යයේ තබා ප්‍රදේශවාසීන් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි.
රිය අනතුරට අදාළ බස් රථයේ රියදුරුට ඇප ලබාදී ඇති බවයි විරෝධතාවයට එක්ව සිටින පිරිස චෝදනා කළේ.