Gossips

විරෝධතාවක් හේතුවෙන් ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගය තාවකාලිකව වසා දැමේ

ඌව – වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණ සිදුකරන විරෝධතාවක් හේතුවෙන් ලෝටස් වටරවුමෙන් ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා.
ඌව, වෙල්ලස්ස, බිම්තැන්න ප්‍රදේශවල අක්කර 62,500 ක භූමි ප්‍රමාණයක් උක් වගාවන් සඳහා සිංගප්පූරු බහුජාතික සමාගමකට ලබාදීමට රජය කටයුතු කිරීමට එරෙහිවයි මොවුන් මෙම විරෝධතාවයේ නිරතවන්නේ.
අද පස්වරුවේ මරදාන ටෙක්නිකල් මංසන්ධිය අසළින් ආරම්භ කළ මෙම විරෝධතා පා ගමන ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණීමට නියමිතයි.
ඉන් අනතුරුව ප්‍රදේශයේ මහ සංඝ රත්නය ඇතුලූ පුද්ගලයින් රැසක් අත්සන් කළ පෙත්සමක්ද ජනාධිපතිවරයා වෙත භාරදෙන බවයි එම පෙරමුණේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.