Gossips

විරෝධතාවක් නිසා පුංචි බොරැල්ල සහ පුරහල අවට දැඩි රථවාහන තදබදයක්

උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව හෙවත් එච්.එන්.ඩී.ඒ. පාඨමාලාව හදාරණ සිසුන් පිරිසකගේ විරෝධතාවක් හේතුවෙන් මේ වනවිට පුංචි බොරැල්ල සහ කොළඹ – පුරහල අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
වසර ගණනාවක් පුරා පවතින ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව අද පස්වරුවේ මෙම විරෝධතාව ආරම්භ කළේ පුංචි බොරැල්ලේ සිටයි.