වර්ජනයේ නිරත තැපැල් සේවකයින් දියත් කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ – ඩී.ආර්. විජේවර්ධන මාවත අවහිරවී තිබෙනවා.
තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිටින් මෙම පා ගමන ආරම්භ වූ අතර ඔවුන් මධ්‍යම තැපැල් හුවමාරුව දක්වා මෙලෙස ගමන් කරමින් සිටින බවයි එහි සිටින හිරු වාර්තාකරු කියා සිටියේ.