Gossips

විරෝධතාවක් අතරතුර ලන්ඩනයේ 200 ක් අත්අඩංගුවට

දේශගුණ විපර්යාසවලට එරෙහිව පැවති විරෝධතාවකට සම්බන්ධ වූ පුද්ගලයන් 200 ක් පමණ ලන්ඩන් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කළහකාරී ලෙස හැසිරීම සහ මාර්ග අවහිර කිරීම ඇතුලූ චෝදනා යටතේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
දේශගුණ විපර්යාසවලින් සිදුවන බලපෑම අවම කිරීමට ආණ්ඩුව මැදිහත්විය යුතු බව පවසමින් ඔවුන් මෙම විරෝධතාව සිදුකර තිබෙනවා.